FL Freelancing.lk
Project of Business HUB Sri Lanka
grid_view Home

Instructions | උපදෙස් ලියාපදිංචි වෙන්න පෙර අනිවාරයෙන්ම කියවන්න

මෙම උපදෙස් නොකියවා ඇතිවන ප්‍රශ්න වලට අප ආයතනය වගකීම ගන්නේ නැත.

මුලින්ම කියන්න ඕන අප ආයතනයේ ඔබට රැකියා වලට 100%ක් නොමිළයේ සම්බන්ධ වෙන්න පුලුවන්. අද හෝ ලියාපදිංචි වුනාට පසුව හෝ මුදල් Withdraw කරන විට හෝ කිසිම දවසක කිසිම මුදලක් ගෙවන්න ඕන නෑ. අපි තමයි ඔබට ගෙවන්නේ, ඔබ කරන කාර්යයන් වලට.

ලෝකයේ යම් කිසි තැනක රැකියාවකට ගෙවීමක් කරන්න වෙනවනම් ඒක අනිවාර්යයෙන්ම *ස්කෑම් එකක්* වැඩි ප්‍රතිලාභ ගන්න වැඩි පැකේජ් ගන්න කියනවනම් ඒක සැලසුම් සහහත විශාල වංචාවක්. ඒ නිසා එහෙම තියෙන දේවල් වලට කවදාවත් අහුවෙන්න එපා. අපේ පේජ් එකේ ඒ වගේ ලිපි බොහොමයක් පළකරනවා කියවන්න. තව ඔය වගේ වංචා ගැන Scam Alert, Proda Lanka වගේ දැනුම බෙදන පේජ් තියේ ඒවගෙන් ඉගෙන ගන්න.

අපේ ආයතනයේ පේජ් එක ෆලෝ කලා කියන්නේ ආයේ ජීවිතේට වංචාවකට අහුවෙන්නේ නෑ ඔයාලා.

එකම දේ කියන්න ඕන අනික් ඔබ දකින ආයතන වගේ කෝටිපති හීන පෙන්වන්නම් අපට බැහැ. මොකද අපි ලෝකය පුරා තියෙන ව්‍යාපාර වලට සාධාරණ මිලකට තාක්ෂණික සේවා සපයන ආයතනයක්. ඉතිං ඒ මුදලෙන්, සේවා ගාස්තුවෙන් කොටසක් තමයි අපි ඔබට ප්‍රවර්ධන කටයුතු වලදී ගෙවන්නේ.

මූලිකම දේ මතක තියාගන්න ඕන මේ වැඩේ, ඔයාලට ජොබ් දෙන එක අපි ආරම්භ කරන්නේ අපේ ආයතනයේ නව 2026 කණ්ඩායමට සක්‍රීය සාමාජිකයින් අවම 1000ක් සම්පුර්ණ වුනහම.

සාමාන්‍යෙන් පාරිභෝගිකයෙන් අපෙන් ලයික් 1000ක්, ශෙයාර් 1000ක්, කමෙන්ට් 1000ක් වගේ ඉල්ලනකොට අපි දෙන්න ඕන. ඔයාලා 500ක් ඉඳලා අපට කස්ටර්මර් කෙනෙක්ගෙන් ඕඩර් එකක් ගන්න, සල්ලි ගන්න බෑ. මොකද 500 දෙනෙක්ට බෑ 1000ක වැඩක් කරන්න.

  • ❌ ඒ නිසා හදිසියේ අද ජොයින් වෙලා හෙට ගිණුමට සල්ලි එන දේවල් ඕනනම් අපේ කම්පැනි එක ඔබට ගැළපෙන්නේ නෑ. පිරමීඩ කම්පැනි එකක්ම සොයාගන්න.
  • ❌ නිදාගෙන සල්ලි හොයන්න බෑ අපේ කම්පැනි එකේ. ඔබ වැඩ කරන්න ඕන. නිදාගෙන සල්ලි හොයන්න ඕනනම් ස්පා එකකට යන්න. ඔබ ඉන්නේ වැරදි ගෲප් එකේ
  • ❌ කවදාවත් අපට ඔබේ දෛනික ආදායම, මාසික ආදායම කියන්න බෑ. එහෙම කියන්න පුලුවන් පිරමීඩ කම්පැනි වලට පමණයි.
  • අපට කාලයන්ත්‍රයක් නෑ. ඒ නිසා අපි දන්නේ නෑ අපට එදිනෙදා එන ජොබ් ප්‍රමාණය කීයක්ද කියලා.

මෙහෙමයි ඔබට ගෙවන්නේ

අපට ලැබෙන ජොබ් ප්‍රමාණය x ඔබ කරන ජොබ් ප්‍රමාණය (එම ජොබ් එකේ ටාස්ක් එකට අපි ගෙවන ප්‍රමාණය) = ඔබේ ආදායම

+ ඔබ දිනකට කරන ඩේටා එන්ට්‍රි ප්‍රමාණය x Rs.1

+ ඔබ දිනකට කරන සේල්ස් ජොබ් ප්‍රමාණයෙන් 10%ක කොමිස් මුදලක්

= ඔබේ දෛනික ආදායම x 30 = ඔබේ මාසික ආදායම
- ඔය විදිහට ආදායම ගණනය කරගන්න.
report වැදගත් නිවේදනය
ඔබ නොසලකිලිමත්කමින් වැරදි තොරතුරු ඇතුලත් කලහොත් ඒවා නැවත නිවැරදි කිරීමට නැවත ගෙවන රු.100ක සේවා ගාස්තුවක් ගෙවිය යුතුය.
⚠️ ඔබගේ මුදලුත්, අපගේ නිළධාරීන්ගේ කාලයත් ඉතිරි කරගැනීමට කරුණාකර සිහිබුද්ධියෙන් ලියාපදිංචි වන්න.
  • ❌ මේ ගෲප් එකේ ඉන්න වට්ස් ඇප් අංකය තමයි ලියාපදිංචි වෙනකොට දාන්න ඕන. වෙන වට්ස් ඇප් අංකයක් දැම්මොත් ඔබේ සාමාජිකත්වය අහෝසි වෙනවා.
  • ❌ මුලකුරු එක්ක නම දාන්න එපා. මුල් නම අග නම දාන්න. Danesh Edirisooriya වගේ.
  • ❌ B D M Edirisooriya වගේ නම දාන්න එපා
  • ❌ ලියාපදිංචි වෙනකොට අකුරක්වත් වරද්දන්න එපා. ඔබට ඔබේ නම ගම වගේ දේවල්වත් ඉංග්‍රීසියෙන් වරද්දන්නේ නැතුව ටයිප් කරන්න අපහසුනම් ඔබට රැකියාවක් කරන්න බෑ. හදිසියක් නෑ, හෙමින් කියවලා ලියාපදිංචි වෙන්න.
  • ❌ ව්‍යාජ තොරතුරු ඇතුළත් කරලා ජොබ් කරලා කවදාවත් ඒ මුදල් ගන්න බෑ. ඒ නිසා නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න. Submit කරන්න කලින් 7 පාරක් කියවන්න.
  • ❌ අපගේ කිසිම නිලධාරියෙක්ගේ අංක වලට මිස් කෝල් ගහන්න, කෝල් ගන්න එපා. අවශ්‍යතාවය සඳහන් කරලා පණිවිඩයක් යවන්න.
  • ❌ විශේෂයෙන්ම ඔබට පුහුණුව දෙන ආයතනයේ අධ්‍යක්ෂ Danesh මහතාගේ Business HUB Sri Lanka 0701101010 අංකයට අනවශ්‍ය ඔබේ ප්‍රශ්න ගැන, තාක්ෂණික දේවල්, සුභපැතුම් වගේ පණිවිඩ යැවීම හෝ ඇමතුම් ගැනීමෙන් වලකින්න. එහෙම අය මේ උපදෙස් නොකියවීමේ හේතුව මත ගෲප් එකෙන් ඉවත් කරනවා.
  • ❌ එක් අයෙක්ට දෙපාරක් ලියාපදිංචි වෙන්න බෑ.

❌ ඔබ අපේ කම්පැනි එකට බඳවගන්න සම්මුඛ පරීක්ෂණය තමයි තනියෙන් මේ වෙබ් එකට ගිහින් ලියාපදිංචි වෙලා සාමාජික අංකයක් ගන්න එක. ඔබට එයට දැනුම නැතිනම්, කරුණාකර මේ ජොබ් එකට සම්බන්ධ වෙන්න එපා. මොකද එහෙම වුනොත් ඔබට අපි දෙන ජොබ් කරගන්න දැනුම නැතිවෙනවා. සරල සිංහල ෆෝම් එකක් පුරවන්න තියෙන්නේ. එයටත් ඔබට දැනුම නැතිනම් ඔබ කාලය නාස්ති කරගැනීමක් කරන්නේ. මේ ගෲප් එකෙන් ඉවත්වෙන්න.

  • ❌ ලියාපදිංචි ෆෝම් එක දැක්ක ගමන් පිස්සුවෙන් වගේ පුරවගෙන යන්න එපා. අවශ්‍ය තොරතුරු එක් රැස් කරගන්න.

උදා : හැඳුනුම්පතෙහි දෙපැත්ත ඡායාරූප, හැඳුනුම්පත අතැතිව සෙල්ෆිය සහ ෆේස්බුක් ප්‍රොෆයිල් ස්ක්‍රීන්ශොට් ගහගන්න.

  • ❌ කැමරාවෙන් ගහන ෆොටෝ වල සයිස් වැඩිනිසා ඒවා ෆෝම් එකට අප්ලෝඩ් කරන්න බෑ. ඒ නිසා ඒවායේ ෆොටෝ ගහගෙන ෆොටෝ වල ස්ක්‍රීන්ශොට් ගැලරියෙන් ගහලා ක්‍රොප් කරගන්න. එවිට සයිස් අඩු නිසා අප්ලෝඩ් කරද්දි Error එන්නේ නැ.
  • ❌ රතු පාට Error එක්ක ආවොත් බයවෙන්න එපා. එහෙම එන 90%කට ස්වයංක්‍රීයව ලියාපදිංචි වෙලා සාමාජික අංකය ලැබෙනවා. 10%කට ප්‍රශ්න එන්න පුලුවන්. Error එක එන හේතුව සහ විසදුම ලියාපදිංචි ෆෝම් එක යට තිබෙනවා. සිහියෙන් කියවන්න. විසදගන්නම බැරි ප්‍රශ්නයකදී පමණක් වෙබ් එකේ Chat සහය ගෲප් එකෙන් ස්ක්‍රීන්ශොට් එකක් සමඟින් ප්‍රශ්නය අහන්න.